තායිලන්ත අග්‍රාමාත්‍ය “අනුටීන් චාන්-විරයාකුල්” විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තායිලන්ත රජුගේ අනුමැතිය ලැබීමෙන් පසු ඊට අදාළ ගැසට් පත්‍රයද ප්‍රකාශයට පත් කර ඇති බවයි.
මීළඟ තායිලන්ත මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන වසරේ අප්‍රේල් මාසයේදී ය.
කෙසේ නමුත් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් ඉදිරි දින 45ත් 60ත් අතර කාලය තුළ තායිලන්තයේ මීළඟ මහමැතිවරණය පැවැත්විය යුතුය.
පසුගිය සැප්තැම්බර් මාසයේ බලයට පත්වූ “අනුටීන් චාන්-විරයාකුල්” වසර දෙකක් තුළ තායිලන්තයේ අගමැති ලෙස කටයුතු කළ තුන්වැනි පුද්ගලයා වීමත් විශේෂත්වයකි.
මේ අතර, දේශ සීමා ගැටුම් හේතුවෙන් මේ වනවිට තායිලන්තය සහ කාම්බෝජය අතර ඇත්තේ අර්බුධකාරී තත්ත්වයකි.
අග්‍රාමාත්‍යවරයා ඊයේ අවධාරණය කළේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තුළින්, තායිලන්තය හමුදා මෙහෙයුම්වලට බලපෑමක් ඇති නොවන බවයි..
